Showing posts with label Sinhala Jokes. Show all posts
Showing posts with label Sinhala Jokes. Show all posts

Tuesday, June 19, 2018

Hari Cut - A Funny Sinhala Story



ඔය වයසක ඈයන්ගෙ කම්මුල් ඇතුලට බැහැලා තියෙනවනෙ. එහෙම හාදයෙක් දවසක් සැලුන් එකට ආවලු රැවුල කපන්න.
මූනෙ වල නිසා එතනින් කපන්න අමාරුයි. ඉතින් සැලුන් එකේ එකා
බාබර් දුන්නලු ජිල්බෝලයක් කටේ දාගන්න. ජිල්බෝලෙ කටේ දාගෙන වැඩේ නියමෙට කෙරුනත් අත්වැරදීමකින් ඒක අරහාදයට ගිලුනලු.

"හරි වැඩේනෙ, දැන් මොකද කරන්නෙ?"

"අවුලක් නෑ.. ඔයා හෙට උදේට ඕක පිට උනාම පරෙස්සමට ගෙනත් දෙන්න." බාබර් කියනවා.

"හපොයි.. එහෙම කමක් නැද්ද?"


"අයියෝ.. කිසි අවුලක් නෑ. ඊයෙත් මහත්තයෙකුට ඕක ගිලිලා අද උදේ තමා ගෙනත් දුන්නෙ.

Thursday, March 8, 2018

Sri Lankan Funny Story - Good News or the Bad News?

 

හොද එකද නරක එකද -  Good News or the Bad News? 

 

ඔන්න ඉතින් දවසක් මැදි වයසේ මනුස්සයෙක් දොස්තර ගාවට ගියා එයාගේ මෙඩිකල්  රිපොර්ට්ස් ගැන දැන ගන්න

දොස්තර : මේකයි දැන් ඔයාට කියන්න හොද ආරංචියකුත් තියනවා නරක ආරංචියකුත් තියනවා..

ලෙඩා : අනේ දොස්තර මහත්තයෝ හොද ආරංචිය කියන්නකෝ මුලින්ම

දොස්තර : මේකයි අපිට පුළුවන් උනා ඔයාගේ ලෙඩේ හරියටම හොයා ගන්න, රිපෝට්ස් වල හැටියට ඔයාට ජිවත් වෙන්න පුළුවන් දවස් දෙකයි

ලෙඩා : මොනවා... මොකද්ද ඉතින් ඔය නරක ආරංචිය?

දොස්තර :මේ.... ඔයාට මේක කියන්න දැන් දවස් දෙකක් තිස්සේ ඔයාව කන්ටැක් කරගන්න හොයනවා ඒත් බැරිඋනානේ...

-------------------------------------------------------------------------------
Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala English Jokes

Wednesday, February 28, 2018

මට මේක ඇති වෙලා .. We should break up - A funny short joke






කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඔන්න ටිකක් වලියට බර කතාවක්

කෙල්ල : මට මේක දැන් ඇති වෙලා .. අපි මේ සම්බන්දේ නවත්තමු

කොල්ලා : අනේ පැටියෝ ඒ මොකද එක පාරට

කෙල්ල : එක පාරට නෙමෙයි ඔයා හැම තිස්සෙම මගේ ඇග ගැන විහිළු කරනවා

කොල්ලා : හරි හරි පැටියෝ ... කලබල වෙන්න එපා,  මෙන්න මම පුටු දෙකක් ගෙනාවා ඔයා මේ දෙක ලං කරලා වාඩි වෙන්නකෝ ...අපි කතා කරමු


-------------------------------------------------------------------------------
Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala English Jokes


Thursday, February 15, 2018

ඇම්ඩන්ගෙන් ටීචර්ට ප්‍රශ්නයක් - Very funny AMDAN joke


I Like the way you think - මම කැමතියි ඔයා හිතන විදියට



ඔන්න ඉතිං ඇම්ඩන් පහේ පංතියේදී කොරපු වැඩක් තමයි මේ. ගුරුතුමියක් තමයි ඉතින් එදා ගණන්  උගන්න උගන්න හිටියේ. 

ටීචර් : හොදයි මම ළමයින්ගෙන් ප්‍රශනයක් අහනවා "අත්තක් උඩ කුරුල්ලෝ පස් දෙනෙක් හිටියා, එක්කෙනෙකුට වෙඩි තිබ්බා දැන් කීදෙනෙක් ඉතුරුද"

ඇම්ඩන් ඉතින් පැනලා අත ඉස්සුවා හැමදාම වගේ

ඇම්ඩන් : එක්කෙනෙක් වත් නෑ ටීචර්

ටීචර් : ඇයි ඒ?

ඇම්ඩන් : ඉතින් වෙඩි සද්දෙට ඔක්කොම පියාබලා යනවනේ ටීචර්

ටීචර් : හරි උත්තරේ හතරයි.. ඒත් මම කැමතියි ඇම්ඩන් හිතන විදියට

ඇම්ඩන් : ටීචර් මම ටීචර්ගෙන් ප්‍රශ්නයක් අහන්නද?

ටීචර් ටිකක් බය උනා දන්නවනේ ඇම්ඩන්ගේ හැටි එත් ඉතින් බෑ කියන්නත් බෑනේ

ටීචර් : හරි අහන්නකො බලන්න

ඇම්ඩන් : කඩේක ගෑනු ළමයි තුන්ස් දෙනෙක් අයිස් ක්‍රීම් කනවා එක්කෙනෙක් අයිස් ක්‍රීම් එක හපනවා, අනිත් කෙනා ලෙව කනවා අන්තිම එක්කෙනා අයිස් ක්‍රීම් එක උරනවා
ටීචර් කියන්න බලන්න මේ අයගෙන් කසාද බැදපු එක්කෙනා කවුද කියලා?

ටීචර් ටිකක් කල්පනා කරලා ලැජ්ජාවෙන් වගේ මෙහෙම කිව්වා

ටීචර් : මම හිතන්නේ අයිස්ක්‍රීම් එක උරන එක්කෙනා 

ඇම්ඩන් : හරි උත්තරේ නම් අතේ මුද්දක් දාගෙන ඉන්න කෙනා.. ඒත් මම කැමතියි ටීචර් හිතන විදියට 

ටීචර්ට ඇහකුත් ගහගෙනම ඇම්ඩන් එහෙම කිව්වා.


Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala Jokes

Tuesday, February 13, 2018

A Very Funny Story - The dumbest Kid in the world - ලෝකේ මෝඩම ළමයා


 The dumbest Kid in the world 

ලෝකේ මෝඩම ළමයා



ඔන්න දවසක් ළමයෙක් ගියාලු බාබර් සාප්පුවක් ඇතුලට. බාබර් වෙන කෙනෙක්ගේ කොන්ඩේ කප කප තමයි ඉදලා තියෙන්නේ. ළමයාව දැකපු බාබර් කොන්ඩේ කප කප හිටපු මිනිහාගේ කනට කරලා කිව්වලු

"මේකා තමයි ලෝකේ මෝඩම ළමයා.. ඉන්නවකෝ මම ඔප්පු කරලා පෙන්නන්න"

එහෙම කියලා කොල්ලට පේන්නම පොර එයාගෙම එක සාක්කුවකට රුපියල් පන්සියකුයි අනිත් සාක්කුවට රුපියල් පනහකුයි දැම්මලු.

"මේ කොල්ලා මෙහෙ වරෙන් උඹ කැමති සාක්කුවක තියන ගාන ගනින්"

කියලා කිව්වලු. කොල්ලා හෙමිහිට ඇවිත් රුපියල් පනහා තිබ්බ සාක්කුවෙන් ඒක අරගෙන එලියට ගියාලු

"දැක්කනේ මම කිව්වේ මෝඩම කොල්ලා ඕකා තමයි"

බාබර් අර මිනිහාට ඇහකුත් ගහන ගමන් හිනාවෙවී කිව්වලු. ඉතින් අර මනුස්සයා කොන්ඩේ කපා ගෙන යන කොට පාරේදී දැක්කලු අර ළමයා අයිස් ක්‍රීම් එකක් කකා යනවා

"ඒයි ළමයා ඔයා මොකද රුපියල් පනහ ගත්තේ පන්සීය නැතුව"

"අයියෝ අංකල් මම දන්නවා මම පන්සීය ගත්ත දවසට ඔය බාබර් කාරයා ඔය සෙල්ලම නතර කරනවා කියලා"

කියාගෙන හිනාවෙවී අයිස් ගියාළු


Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala Jokes


Monday, February 12, 2018

ඇම්ඩන් කපුටෝ ගනිනවා - Another Best Amdan Joke Story - Funny Sinhala Joke


අපේ ඇම්ඩන් කොලුවාට වයස අටක් නමයක් වගේ වෙද්දී මේකා අම්මටයි තාත්තටයි හෙනම ඇනයක්ලු. අඩුම තරම ඒ දෙන්නට අහවල් කාරියාවත් කොරගන්න බෑලු මේකා නිසා.

ඉතින් දවසක් ඇම්ඩගේ තාත්තට හොද අයිඩියාස් පාරක් ආවලු. තාත්තා ඇම්ඩට කතා කරලා කිව්වලු.

"ඇම්ඩන් පුතේ උඹ අපේ බැල්ක්නියට ගිහින් අහසේ යන කපුටෝ ගාන ගනන් කරපන් හරියට කරොත් මම උබට රුපියල් සියක් දෙනවා"

ඇම්ඩත් එක පයින් වැඩේට හා කිව්වලු.

"හැබැයි ඇම්ඩෝ උඹ මට ඇහෙන්න හයියෙන් කෑ ගහලා ගනින්න ඕන"

මෙහෙම තාත්තා කිව්වේ ඉතින් අපේ ඇම්ඩගේ අළුගුත්තේරු වැඩ ගැන හොදට දන්න නිසා.

ඉතින් ඇම්ඩා ගියාලු බැල්කනියට

"ඔන්න තාත්තේ එහෙනම් පටන් ගන්නවා එකයි, දෙකයි,.."

මේක අහපු තාත්තට ඉතින් දැන් මාර හැපීලු. පොර ටක් ගාලා අම්මවත් ඇදගෙන අහවල් කාරිය හිතේ නිදහසින් කොරන්න සෙට් උනාලු.

ඇම්ඩ දිගටම කපුටෝ ගනිනවලු

"විස්සයි, විසි එකයි... අන්න එහා ගෙදර සිරිසොමයත් උන්ගේ බැල්කනියට ආව... ෂුවර් එකට උන්ගේ අම්මයි තාත්තයිත් සීන් එකක් දානවා ඇති"



An Epic Amdan Joke Story - Amden Counting Crows

Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala Jokes

Saturday, February 10, 2018

An Epic Joke Story - Where Do you Live


සිරිපාල ආයෙත් බීලා


ඔන්න අපේ සිරිපාල ගොයියා හොදට ගහලා පයින්ම වැනි වැනි ගෙදර යනවලු. පාළුවටත් එක්ක මෑන්ස් සිංදුවකුත් කියන්න ගත්තලු. ඔහොම යනකොට පාරේ ඩියුටි හිටපු පොලිස් රාලාහාමි කෙනෙක් සිරිපාලව නවත්තුවලු

රාලහාමි : තමුන් කොහෙද යන්නේ
සිරිපාල : ගෙදර
රාලහාමි : ගෙදර කොහෙද?
සිරිපාල : අපේ අම්මලාගේ ගෙදර
රාලහාමි : අම්මලාගේ ගෙදර කොහෙද?
සිරිපාල : අපේ අල්ලපු ගෙදර ගාව
රාලහාමි : තමුසෙලාගේ අල්ලපු ගෙදර කොහෙද තියෙන්නේ
සිරිපාල : මම ඒක කිව්වොත් රාලහාමි විශ්වාස කොරයිද මන්ද
රාලහාමි :කියනවකො බලන්න
සිරිපාල : අපේ අම්මලාගේ ගෙදර එහා පැත්තේ


An Epic Joke Story - Where Do you Live 

Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala Jokes

Thursday, February 8, 2018

Brain or Money - Siripala Sinhala Funny Joke Story

Brain or Money - Siripala Sinhala Funny Joke Story


සල්ලිද මොලේද

දවසක් අපේ සිරිපාල ඔන්න යාළුවෙක් එක්ක ඩ්‍රින්ක් එකක් දානවා. යාළුවා සිරිපාලගෙන් මෙහෙම ඇහුවා

යාළුවා : සිරිපාල තමුසෙට වාරයක් හම්බ උනොත් තමුසේ ඉල්ලන්නේ සල්ලිද මොලේද

එකපාරටම සිරිපාල කිව්වා "සල්ලි" කියලා

යාළුවා : අයියෝ සිරිපාල.. තමුසේ හෙන මෝඩයිනේ .. මොලෙනේ වැදගත් මොලේ තියනවනම් සල්ලි ඕන තරම් හොයන්න පුළුවන්නේ

සිරිපාල : මටනම් ඕන සල්ලි

යාළුවා : තමුසෙට තේරෙන්නේ නෑ මම නම් ඉල්ලන්නේ මොලේ ඊට පස්සේ මට සල්ලි නිකම්ම ලැබෙනවා

සිරිපාල : මෙහෙමනේ මචං අපි ඉල්ලන්න ඕන අපිට නැති දේවල්... ඉතින් තමුසේ මොලේ ඉල්ලන එක සාධාරණයි.. මට නැත්තේ සල්ලි...


Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala Jokes

Drunken Siripala - Funny Sri Lankan Joke

Drunken Siripala - Funny Sri Lankan Joke

සිරිපාලට ඩෝප්

 

 

දවසක් සිරිපාලට පරණ  යාළුවෝ සෙට් එකක් සෙට් වෙලා  කුඩුවෙන්න ගසුවාලු. ඊට පස්සේ ඉතින් රෑ දෙගොඩ හරියේ පොර හතර ගාතෙන් ගෙදර ගාවටම ආවලු. 

හැමෝම වගේ ඉතින් සිරිපාලයත් තමන්ගේ ගෑනිට බයයිලු. ඉතින් පොර හෙමිට දොර ඇරැගෙන ගේ ඇතුලට ආවලු. එකපාරටම පොරට හෙන චු බරක් සෙට් වෙලා දඩ බඩ ගාලා ටොයිලට් එකට දිව්වලු. 

ටොයිලට් එකේ දොර ඇරපු ගමන් ලයිටි එකත් වැටුනලු ඉබේම. වැඩිය හිතන්නේ නැතුව සිර්පාල චු පාරක් දාල දොර වැහුවලු මෙන්න බොලේ ලයිට් එක ඉබේම ඔෆ් උනාලුනේ. සිරිපාලට පිස්සු වගේලු දැන් ඉතින්. පොර තව දෙතුන් පාරක් දොර ඇර ඇර වහලා බැලුවාලු මේ ඔටෝමැටික් වැඩේ දිහා.

දැන් ඉතින් සිරිපාලට මේක ගෑනිට කියනකම් ඉවසුමක් නෑලු. පොර ඉතින් ගුටිකෑවත් කමක් නෑ කියලා ගියාලු කාමරේට..

සිරිපාල : සුමනා .. සුමනා...

ගෑනි හොදටම නිදිලු

සුමනා : මොන වදයක්ද මිනිහෝ.. බිලා ආවනම් නිදා ගන්නවකො වද නොදී

සිරිපාල : මේ අහන්නකො මාර වැඩේනේ...අපේ ටොයිලට් එකේ දොර අරිද්දි ලයිට් එක වැටෙනවා වහද්දි ඔෆ් වෙනවා ඔටෝ මැටික්...

ගෑණි එකපාරටම නැගිට්ටලු

සුමනා : අපෝ තමුසේ අදත් ෆ්‍රිජ් එකට චූ කරාද මිනිහෝ....


Everyday a New funny Joke. Keep visiting us! 
Sri Lankan Sinhala Jokes
.



Tuesday, February 6, 2018

Stupids Please Standup

මෝඩ ළමයි නැගිටින්න - Stupids Please Standup

ටීචර් : හොදයි තමන් මෝඩයි කියලා හිතෙන ළමයි නැගිටින්න

ටිකක් වෙලා ගියා කවුරුත් නැගිටින පාටක් නෑ

ටීචර් : මම හොදටම දන්නවා මෙතන මෝඩ ළමයි ඉන්නවා, කරුණාකරලා නැගිටින්න 

සිරිපාල ටිකක් වටපිට බලලා හෙමිට නැගිටිටා

ටීචර් : හොදයි... සිරිපාල ඇයි ඔයා මෝඩයි කියලා හිතන්නේ?

සිරිපාල : මම එහෙම හිතන්නේ නෑ ටීචර්.. ටීචර් විතරක් තනියෙන් නැගිටලා ඉන්න එක හොද නෑනේ ඒකයි මාත් නැගිටිටේ...

Best Sri Lankan Funny Stories Every Day


Monday, January 29, 2018

Sri Lankan Funny Story - I can't get enough hearing it

අහන්න අහන්න ආසයි - I can't get enough hearing it


දවසක් සිරිසේන එයාගේ ලොයර්ගේ ඔෆීස් එකට කෝල් එකක් ගත්තා..

සිරිසේන - "මට ලෝයර් මහත්තයාට කතා කරන්න පුලුවන්ද?"
කාන්තාවක් - "අනේ සර් ලෝයර් මහත්තයා ගිය සතියේ නැති උනා නේ"

සිරිසේන ඊට පස්සේ දවසෙත් ගත්තා කෝල් එකක්
සිරිසේන - "මට ලෝයර් මහත්තයාට කතා කරන්න පුලුවන්ද?"
කාන්තාව - "අනේ සර් මම ඊයෙත් කිව්වනේ ලෝයර් මහත්තයා ගිය සතියේ නැති උනා"

සිරිසේන ඊලග දවසෙත් ගත්තා කෝල් එකක්
සිරිසේන - "මට ලෝයර් මහත්තයාට කතා කරන්න පුලුවන්ද?"
කාන්තාව - "අයියෝ සර් මම කිව්වේ ලෝයර් මහත්තයා නැති උනා"

සිරිසේන අපහු ඊලග දවසෙත් ගත්තා කෝල් එකක්
සිරිසේන - "මට ලෝයර් මහත්තයාට කතා කරන්න පුලුවන්ද?"

ගැහැණු කෙනාට මේ පාර නම් මල පැන්නා

"ඔයාට සිංහල තේරෙන්නේ නැද්ද මම කී පාරක් කිව්වද එයා මැරුණා කියලා"

එතකොට අපේ සිරිසේන කියපි
"අනේ මට තේරුනා ඒත් එයා මැරුණා කියලා ආපහු ආපහු අහන එක කොයිතරම් නම් සතුටක්ද නෝනා"


Everyday you can enjoy Sinhala Jokes, keep visiting us!

Tuesday, April 1, 2014

Message Sent Failed :)

කෙල්ල : කොහමද පණ ?? කොහේද ඉන්නේ??

කොල්ලා : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed)

කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද??
කොල්ලා : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed)

කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ??

කොල්ලා: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed)

කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න..

කොල්ලා: ඕන මගුලක් කරගන්නවා... (Message sent successfully.)