Showing posts with label Siripala Stories. Show all posts
Showing posts with label Siripala Stories. Show all posts

Saturday, February 10, 2018

An Epic Joke Story - Where Do you Live


සිරිපාල ආයෙත් බීලා


ඔන්න අපේ සිරිපාල ගොයියා හොදට ගහලා පයින්ම වැනි වැනි ගෙදර යනවලු. පාළුවටත් එක්ක මෑන්ස් සිංදුවකුත් කියන්න ගත්තලු. ඔහොම යනකොට පාරේ ඩියුටි හිටපු පොලිස් රාලාහාමි කෙනෙක් සිරිපාලව නවත්තුවලු

රාලහාමි : තමුන් කොහෙද යන්නේ
සිරිපාල : ගෙදර
රාලහාමි : ගෙදර කොහෙද?
සිරිපාල : අපේ අම්මලාගේ ගෙදර
රාලහාමි : අම්මලාගේ ගෙදර කොහෙද?
සිරිපාල : අපේ අල්ලපු ගෙදර ගාව
රාලහාමි : තමුසෙලාගේ අල්ලපු ගෙදර කොහෙද තියෙන්නේ
සිරිපාල : මම ඒක කිව්වොත් රාලහාමි විශ්වාස කොරයිද මන්ද
රාලහාමි :කියනවකො බලන්න
සිරිපාල : අපේ අම්මලාගේ ගෙදර එහා පැත්තේ


An Epic Joke Story - Where Do you Live 

Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala Jokes

Thursday, February 8, 2018

Brain or Money - Siripala Sinhala Funny Joke Story

Brain or Money - Siripala Sinhala Funny Joke Story


සල්ලිද මොලේද

දවසක් අපේ සිරිපාල ඔන්න යාළුවෙක් එක්ක ඩ්‍රින්ක් එකක් දානවා. යාළුවා සිරිපාලගෙන් මෙහෙම ඇහුවා

යාළුවා : සිරිපාල තමුසෙට වාරයක් හම්බ උනොත් තමුසේ ඉල්ලන්නේ සල්ලිද මොලේද

එකපාරටම සිරිපාල කිව්වා "සල්ලි" කියලා

යාළුවා : අයියෝ සිරිපාල.. තමුසේ හෙන මෝඩයිනේ .. මොලෙනේ වැදගත් මොලේ තියනවනම් සල්ලි ඕන තරම් හොයන්න පුළුවන්නේ

සිරිපාල : මටනම් ඕන සල්ලි

යාළුවා : තමුසෙට තේරෙන්නේ නෑ මම නම් ඉල්ලන්නේ මොලේ ඊට පස්සේ මට සල්ලි නිකම්ම ලැබෙනවා

සිරිපාල : මෙහෙමනේ මචං අපි ඉල්ලන්න ඕන අපිට නැති දේවල්... ඉතින් තමුසේ මොලේ ඉල්ලන එක සාධාරණයි.. මට නැත්තේ සල්ලි...


Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala Jokes

Drunken Siripala - Funny Sri Lankan Joke

Drunken Siripala - Funny Sri Lankan Joke

සිරිපාලට ඩෝප්

 

 

දවසක් සිරිපාලට පරණ  යාළුවෝ සෙට් එකක් සෙට් වෙලා  කුඩුවෙන්න ගසුවාලු. ඊට පස්සේ ඉතින් රෑ දෙගොඩ හරියේ පොර හතර ගාතෙන් ගෙදර ගාවටම ආවලු. 

හැමෝම වගේ ඉතින් සිරිපාලයත් තමන්ගේ ගෑනිට බයයිලු. ඉතින් පොර හෙමිට දොර ඇරැගෙන ගේ ඇතුලට ආවලු. එකපාරටම පොරට හෙන චු බරක් සෙට් වෙලා දඩ බඩ ගාලා ටොයිලට් එකට දිව්වලු. 

ටොයිලට් එකේ දොර ඇරපු ගමන් ලයිටි එකත් වැටුනලු ඉබේම. වැඩිය හිතන්නේ නැතුව සිර්පාල චු පාරක් දාල දොර වැහුවලු මෙන්න බොලේ ලයිට් එක ඉබේම ඔෆ් උනාලුනේ. සිරිපාලට පිස්සු වගේලු දැන් ඉතින්. පොර තව දෙතුන් පාරක් දොර ඇර ඇර වහලා බැලුවාලු මේ ඔටෝමැටික් වැඩේ දිහා.

දැන් ඉතින් සිරිපාලට මේක ගෑනිට කියනකම් ඉවසුමක් නෑලු. පොර ඉතින් ගුටිකෑවත් කමක් නෑ කියලා ගියාලු කාමරේට..

සිරිපාල : සුමනා .. සුමනා...

ගෑනි හොදටම නිදිලු

සුමනා : මොන වදයක්ද මිනිහෝ.. බිලා ආවනම් නිදා ගන්නවකො වද නොදී

සිරිපාල : මේ අහන්නකො මාර වැඩේනේ...අපේ ටොයිලට් එකේ දොර අරිද්දි ලයිට් එක වැටෙනවා වහද්දි ඔෆ් වෙනවා ඔටෝ මැටික්...

ගෑණි එකපාරටම නැගිට්ටලු

සුමනා : අපෝ තමුසේ අදත් ෆ්‍රිජ් එකට චූ කරාද මිනිහෝ....


Everyday a New funny Joke. Keep visiting us! 
Sri Lankan Sinhala Jokes
.



Tuesday, February 6, 2018

Stupids Please Standup

මෝඩ ළමයි නැගිටින්න - Stupids Please Standup

ටීචර් : හොදයි තමන් මෝඩයි කියලා හිතෙන ළමයි නැගිටින්න

ටිකක් වෙලා ගියා කවුරුත් නැගිටින පාටක් නෑ

ටීචර් : මම හොදටම දන්නවා මෙතන මෝඩ ළමයි ඉන්නවා, කරුණාකරලා නැගිටින්න 

සිරිපාල ටිකක් වටපිට බලලා හෙමිට නැගිටිටා

ටීචර් : හොදයි... සිරිපාල ඇයි ඔයා මෝඩයි කියලා හිතන්නේ?

සිරිපාල : මම එහෙම හිතන්නේ නෑ ටීචර්.. ටීචර් විතරක් තනියෙන් නැගිටලා ඉන්න එක හොද නෑනේ ඒකයි මාත් නැගිටිටේ...

Best Sri Lankan Funny Stories Every Day