Thursday, March 4, 2010

Nice Joke - ලඟදි ගියපු රෙස්‍ටුරන්ට් එක

මහළු වියේ පසුවන යුවලක් තම මිතුරු යුවලකගේ නිවසට ගියා රාත්‍රි අහාරයට. ආහාර ගැනීමෙන් පසු කාන්තාවන් දෙදෙනා මුළුතැන් ගෙයට ගිය අතර පිරිමි මිතුරන් දෙදෙනා කථාවට වැ‍ටුනා

"අපි ලඟදි රෑ කෑමකට ගියා නියම රෙස්‍ටුරන්ට් එකකට, කෑම නම් මාර රහයි" එක මිතුරෙක් අනෙකාට පැවසුවා

"ඇත්තද, මොකද්ද ඒකෙ නම?" මෙවිට අනෙකා ඇසුවා

මදක් කල්පනාවට වැ‍ටුනු ඔහු..
"අහ්... අර පෙති ගොඩාක් තියන මල් ජාතිය මොකක්ද ? මේ .... මේ...."

"දාස් පෙතිද?"

"නෑ නෑ අනේ අර .. අර... න‍ටුවෙ ක‍ටු තියෙන්නෙ..."

"අහ් රෝසද?"

"අන්න හරි... මේ රෝසි.. රෝසි මොකද්ද අර අපි ලඟදි ගියපු රෙස්‍ටුරන්ට් එක?"

Dont have Sinhala Unicode? Then click on read more to view the picture file







No comments:

Post a Comment