Friday, January 7, 2011

A letter from Dinesh Chandimal to Sanath Jayasooriya

මම පුංචි කාලේ ඉඳලම ක්‍රිකට් වලට හරිම ආසයි. කොච්චර ආසද කියනව නම්, සනත් ජයසූරිය මාමා 1996 ලෝක කුසලානේට සෙල්ලම් කරන කාලේ, ඒ මාමා බැට් කරන හැටි මම ආසාවෙන් බලගෙන හිටියා මට අද වගේ මතකයි. එතකොට මගේ වයස යන්තම් අවුරුදු 06 යි. මාමාට 26 යි. ඒ කාලේ මම හිටියේ ඉස්කෝලේ 01 වසරේ. ඉතින් මමත් පුංචි කාලේදිම හිතා ගත්තා, මටත් අවුරුදු 18 ක් - 20 ක් වෙනකොට ජයසූරිය මාමා වගේ හතරේ හයේ පාරවල් ගහලා, කොහොම හරි මගේ දක්ෂතා පෙන්නලා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් වෙනවා කියලා.


ඉතින් කොහොම කොහොම හරි වැඩ පෙන්නලා මමත් ජාතික කණ්ඩායමට ආවා කියමුකෝ. ඒත් අනේ අවාසනාවක මහත ! අද මට අවුරුදු 20 යි. මාමා ට 40 යි. මාමා නාකි වෙලා 60 පැනලා හොට බිම ඇනුනත් අදටත් මාමා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය රැක ගන්න පොර කනවා. වලි කනවා. මටත් අද වෙනකොට කණ්ඩායමෙන් වෙන් කරලා දීලා තියෙන්නේ ආරම්භක පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරන්න තියෙන ස්ථානය. ඉතින් මාමත් එළඹෙන ලෝක කුසලාන තරඟාවලියෙදී මේ ආරම්භක පිතිකරු ස්ථානයට නැවත වතාවක් එන්න පොර කන නිසා, මමත් ඉන්නේ වැට උඩ.

මගෙත් පූරුවේ කරුමේ තමා, මම කවදාවත් හිතුවද හත් දෙයියනේ, මම 01 ශ්‍රේණියේ අවුරුදු 06 ක පුංචිම පුංචි ළමයෙක් වෙලා ඉන්නකොට මගේ ක්‍රිකට් ලෝකයේ වීරයෙක් වුණු ජයසූරිය බුදු මාමා කවදා හරි දවසක අම්මපා මටම කෙලියි කියලා...

මීට අසරණ,

දිනේෂ් චන්දිමාල්

No comments:

Post a Comment