Sunday, December 4, 2011

What were you doing then......


මොනවද ගෙනිච්චේ....
ටිකක් පරණ එකක් නොබලපු අය වෙනුවෙන්....

එක් සැදෑ කාලයකදී එක්තරා පුද්ගලයෙකු සිය පාපැදියේ නැගී ඇමරිකන් සහ මෙක්සිකෝ දේශසීමාව කරා ලගා වෙමින් සිටියේය.ඔහු සිය බයිසිකලයේ විශාල බෑගයක් රැගෙන ගිය නිසා මායිමේ රැකවලා විසින් ඔහුව නතර කර මෙසේ ප්‍රශ්ණ කලේය.

"බෑග් එකේ මොනවද තියෙන්නේ?"

"වැලි" මිනිසා පිලිතුරු දුන්නේය.

"අපි ඒක කෝකටත් පරීක්‍ෂා කරලා බලමුද?" රැකවලා පැවසීය.

මිනිසා බෑගය විවෘත කර ඇතුලත ඇති දෑ බිමට හැලුවේය. බෑගය තුල වැලි වලට අමතරව කිසිවක් නොවූ අතර රැකවලා විසින් වැලි යලිත් බෑගයට පුරවා ඔහුට මායිම හරයා යන්නට අවසර දුන්නේය.



ඊළග දවසේද මිනිසා විශාල බෑගයක් සමග පැමිනියේය. රැකවලා බෑගයේ ඇත්තේ මොනවාදැයි ඇසූ විට සුපුරුදු ලෙස "වැලි" ලෙස මිනිසා පිලිතුරු දුන්නේය.
රැකවලා විසින් මිනිසාගේ බෑගය එදිනත් පරීක්‍ෂා කල නමුත් වැලි වලට අමතරව කිසිවක් බෑගය තුල නොවීය.එදිනද ඔහු මිනිසාට දේශ සීමාව තරනයට අවසර ලබා දුනි.

මෙම සිදුවීම වසර තුනක් පුරාවටම අඛන්ඩව සිදු වූ අතර සෑම දිනම විශාල වැලි බෑගයත් සමග මිනිසා දේශ සීමාව තරනය කලේය.අවසානයේ දිනක මිනිසා නොපැමිනි අතර එදින සිට මාසයක පමන කාලයක් පුරා රැකවලා මිනිසාව දුටුවේ නැත. නමුත් දිනක් රාජකාරි නිම වී මෙක්සිකෝවේ තැබෑරුමකට ගිය රැකවලා මිනිසාව දුටු අතර ඔහු කරා දිවගිය රැකවලා ඔහුත් සමග කතාවට වැටුනි.

"ඒයි යාලුවා" රැකවලා කතා කලේය.

"මම දන්නවා පහුගිය අවුරුදු තුන පුරාවටම තමුසේ මොනවා හරි දේශසීමාව හරහා ගෙනගිය බව. නිකං උඹයි මමයි අතරේ දැන ගන්න කියනවකෝ බලන්න ඒ මොනවද කියලා?"

මිනිසා තම බීර වීදුරුව නිවී සැනසිල්ලේ තොල ගාමින් මෙසේ කීය
.
.
.
.
.
.
.
"බයිසිකල්"

No comments:

Post a Comment