Tuesday, February 13, 2018

A Very Funny Story - The dumbest Kid in the world - ලෝකේ මෝඩම ළමයා


 The dumbest Kid in the world 

ලෝකේ මෝඩම ළමයා



ඔන්න දවසක් ළමයෙක් ගියාලු බාබර් සාප්පුවක් ඇතුලට. බාබර් වෙන කෙනෙක්ගේ කොන්ඩේ කප කප තමයි ඉදලා තියෙන්නේ. ළමයාව දැකපු බාබර් කොන්ඩේ කප කප හිටපු මිනිහාගේ කනට කරලා කිව්වලු

"මේකා තමයි ලෝකේ මෝඩම ළමයා.. ඉන්නවකෝ මම ඔප්පු කරලා පෙන්නන්න"

එහෙම කියලා කොල්ලට පේන්නම පොර එයාගෙම එක සාක්කුවකට රුපියල් පන්සියකුයි අනිත් සාක්කුවට රුපියල් පනහකුයි දැම්මලු.

"මේ කොල්ලා මෙහෙ වරෙන් උඹ කැමති සාක්කුවක තියන ගාන ගනින්"

කියලා කිව්වලු. කොල්ලා හෙමිහිට ඇවිත් රුපියල් පනහා තිබ්බ සාක්කුවෙන් ඒක අරගෙන එලියට ගියාලු

"දැක්කනේ මම කිව්වේ මෝඩම කොල්ලා ඕකා තමයි"

බාබර් අර මිනිහාට ඇහකුත් ගහන ගමන් හිනාවෙවී කිව්වලු. ඉතින් අර මනුස්සයා කොන්ඩේ කපා ගෙන යන කොට පාරේදී දැක්කලු අර ළමයා අයිස් ක්‍රීම් එකක් කකා යනවා

"ඒයි ළමයා ඔයා මොකද රුපියල් පනහ ගත්තේ පන්සීය නැතුව"

"අයියෝ අංකල් මම දන්නවා මම පන්සීය ගත්ත දවසට ඔය බාබර් කාරයා ඔය සෙල්ලම නතර කරනවා කියලා"

කියාගෙන හිනාවෙවී අයිස් ගියාළු


Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala Jokes


No comments:

Post a Comment