Thursday, February 15, 2018

ඇම්ඩන්ගෙන් ටීචර්ට ප්‍රශ්නයක් - Very funny AMDAN joke


I Like the way you think - මම කැමතියි ඔයා හිතන විදියට



ඔන්න ඉතිං ඇම්ඩන් පහේ පංතියේදී කොරපු වැඩක් තමයි මේ. ගුරුතුමියක් තමයි ඉතින් එදා ගණන්  උගන්න උගන්න හිටියේ. 

ටීචර් : හොදයි මම ළමයින්ගෙන් ප්‍රශනයක් අහනවා "අත්තක් උඩ කුරුල්ලෝ පස් දෙනෙක් හිටියා, එක්කෙනෙකුට වෙඩි තිබ්බා දැන් කීදෙනෙක් ඉතුරුද"

ඇම්ඩන් ඉතින් පැනලා අත ඉස්සුවා හැමදාම වගේ

ඇම්ඩන් : එක්කෙනෙක් වත් නෑ ටීචර්

ටීචර් : ඇයි ඒ?

ඇම්ඩන් : ඉතින් වෙඩි සද්දෙට ඔක්කොම පියාබලා යනවනේ ටීචර්

ටීචර් : හරි උත්තරේ හතරයි.. ඒත් මම කැමතියි ඇම්ඩන් හිතන විදියට

ඇම්ඩන් : ටීචර් මම ටීචර්ගෙන් ප්‍රශ්නයක් අහන්නද?

ටීචර් ටිකක් බය උනා දන්නවනේ ඇම්ඩන්ගේ හැටි එත් ඉතින් බෑ කියන්නත් බෑනේ

ටීචර් : හරි අහන්නකො බලන්න

ඇම්ඩන් : කඩේක ගෑනු ළමයි තුන්ස් දෙනෙක් අයිස් ක්‍රීම් කනවා එක්කෙනෙක් අයිස් ක්‍රීම් එක හපනවා, අනිත් කෙනා ලෙව කනවා අන්තිම එක්කෙනා අයිස් ක්‍රීම් එක උරනවා
ටීචර් කියන්න බලන්න මේ අයගෙන් කසාද බැදපු එක්කෙනා කවුද කියලා?

ටීචර් ටිකක් කල්පනා කරලා ලැජ්ජාවෙන් වගේ මෙහෙම කිව්වා

ටීචර් : මම හිතන්නේ අයිස්ක්‍රීම් එක උරන එක්කෙනා 

ඇම්ඩන් : හරි උත්තරේ නම් අතේ මුද්දක් දාගෙන ඉන්න කෙනා.. ඒත් මම කැමතියි ටීචර් හිතන විදියට 

ටීචර්ට ඇහකුත් ගහගෙනම ඇම්ඩන් එහෙම කිව්වා.


Everyday a New funny Joke. Keep visiting us! 
Keep Laughing No Matter What
Sri Lankan Sinhala Jokes

No comments:

Post a Comment