Monday, January 29, 2018

Sri Lankan Funny Story - I can't get enough hearing it

අහන්න අහන්න ආසයි - I can't get enough hearing it


දවසක් සිරිසේන එයාගේ ලොයර්ගේ ඔෆීස් එකට කෝල් එකක් ගත්තා..

සිරිසේන - "මට ලෝයර් මහත්තයාට කතා කරන්න පුලුවන්ද?"
කාන්තාවක් - "අනේ සර් ලෝයර් මහත්තයා ගිය සතියේ නැති උනා නේ"

සිරිසේන ඊට පස්සේ දවසෙත් ගත්තා කෝල් එකක්
සිරිසේන - "මට ලෝයර් මහත්තයාට කතා කරන්න පුලුවන්ද?"
කාන්තාව - "අනේ සර් මම ඊයෙත් කිව්වනේ ලෝයර් මහත්තයා ගිය සතියේ නැති උනා"

සිරිසේන ඊලග දවසෙත් ගත්තා කෝල් එකක්
සිරිසේන - "මට ලෝයර් මහත්තයාට කතා කරන්න පුලුවන්ද?"
කාන්තාව - "අයියෝ සර් මම කිව්වේ ලෝයර් මහත්තයා නැති උනා"

සිරිසේන අපහු ඊලග දවසෙත් ගත්තා කෝල් එකක්
සිරිසේන - "මට ලෝයර් මහත්තයාට කතා කරන්න පුලුවන්ද?"

ගැහැණු කෙනාට මේ පාර නම් මල පැන්නා

"ඔයාට සිංහල තේරෙන්නේ නැද්ද මම කී පාරක් කිව්වද එයා මැරුණා කියලා"

එතකොට අපේ සිරිසේන කියපි
"අනේ මට තේරුනා ඒත් එයා මැරුණා කියලා ආපහු ආපහු අහන එක කොයිතරම් නම් සතුටක්ද නෝනා"


Everyday you can enjoy Sinhala Jokes, keep visiting us!

No comments:

Post a Comment