Drunken Siripala - Funny Sri Lankan Joke
සිරිපාලට ඩෝප්
දවසක් සිරිපාලට පරණ යාළුවෝ සෙට් එකක් සෙට් වෙලා කුඩුවෙන්න ගසුවාලු. ඊට පස්සේ ඉතින් රෑ දෙගොඩ හරියේ පොර හතර ගාතෙන් ගෙදර ගාවටම ආවලු.
හැමෝම වගේ ඉතින් සිරිපාලයත් තමන්ගේ ගෑනිට බයයිලු. ඉතින් පොර හෙමිට දොර ඇරැගෙන ගේ ඇතුලට ආවලු. එකපාරටම පොරට හෙන චු බරක් සෙට් වෙලා දඩ බඩ ගාලා ටොයිලට් එකට දිව්වලු.
ටොයිලට් එකේ දොර ඇරපු ගමන් ලයිටි එකත් වැටුනලු ඉබේම. වැඩිය හිතන්නේ නැතුව සිර්පාල චු පාරක් දාල දොර වැහුවලු මෙන්න බොලේ ලයිට් එක ඉබේම ඔෆ් උනාලුනේ. සිරිපාලට පිස්සු වගේලු දැන් ඉතින්. පොර තව දෙතුන් පාරක් දොර ඇර ඇර වහලා බැලුවාලු මේ ඔටෝමැටික් වැඩේ දිහා.
දැන් ඉතින් සිරිපාලට මේක ගෑනිට කියනකම් ඉවසුමක් නෑලු. පොර ඉතින් ගුටිකෑවත් කමක් නෑ කියලා ගියාලු කාමරේට..
සිරිපාල : සුමනා .. සුමනා...
ගෑනි හොදටම නිදිලු
සුමනා : මොන වදයක්ද මිනිහෝ.. බිලා ආවනම් නිදා ගන්නවකො වද නොදී
සිරිපාල : මේ අහන්නකො මාර වැඩේනේ...අපේ ටොයිලට් එකේ දොර අරිද්දි ලයිට් එක වැටෙනවා වහද්දි ඔෆ් වෙනවා ඔටෝ මැටික්...
ගෑණි එකපාරටම නැගිට්ටලු
සුමනා : අපෝ තමුසේ අදත් ෆ්රිජ් එකට චූ කරාද මිනිහෝ....
Everyday a New funny Joke. Keep visiting us!
Sri Lankan Sinhala Jokes
.
No comments:
Post a Comment