Tuesday, June 19, 2018

Hari Cut - A Funny Sinhala Story



ඔය වයසක ඈයන්ගෙ කම්මුල් ඇතුලට බැහැලා තියෙනවනෙ. එහෙම හාදයෙක් දවසක් සැලුන් එකට ආවලු රැවුල කපන්න.
මූනෙ වල නිසා එතනින් කපන්න අමාරුයි. ඉතින් සැලුන් එකේ එකා
බාබර් දුන්නලු ජිල්බෝලයක් කටේ දාගන්න. ජිල්බෝලෙ කටේ දාගෙන වැඩේ නියමෙට කෙරුනත් අත්වැරදීමකින් ඒක අරහාදයට ගිලුනලු.

"හරි වැඩේනෙ, දැන් මොකද කරන්නෙ?"

"අවුලක් නෑ.. ඔයා හෙට උදේට ඕක පිට උනාම පරෙස්සමට ගෙනත් දෙන්න." බාබර් කියනවා.

"හපොයි.. එහෙම කමක් නැද්ද?"


"අයියෝ.. කිසි අවුලක් නෑ. ඊයෙත් මහත්තයෙකුට ඕක ගිලිලා අද උදේ තමා ගෙනත් දුන්නෙ.

1 comment: